ආහාර හිඟය සහ සාගින්න
ආහාර හිඟය සහ සාගින්න ගෝ ලීය ආහාර සුරක්ෂිතතාවය රඳා පවතිනුයේ ප්‍රමාණවත් ආහාර නිපැයුම් සහ ආහාර සඳහා ඇති හිමිකම් යන සාධක දෙක මතය. UN ආයතනය WHO සංවිධානය විසින් එක්දහස් නවසිය අනූහය (1996) දී ආහාර සුරක්ෂිතතාවය පිලිබඳව විස්තර කරනුයේ මෙසේය. " ක්‍රියාකාරී සහ නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යනු සඳහා ආහාර අවශ්‍යතා සහ රුචියෙන් යුතු පෝෂදායි සුරක්ෂිත මෙන්ම ප්‍රමාණවත් ආහාර සඳහා සෑම කෙනෙකුටම සෑම වෙලාවකදීම භෞතික සහ ආර් ථික හිමිකමක් පැවතීය යුතුය " නමුත් මෙම තත්ත්වය වර් තමානයේ දී බොහෝ සෙයින් වෙනස් අතකට හැරී පවතී. ඒ දරිද්‍රතාවය හේතුකොටගෙනය. covid -19 වල පැමිණීමත් සමඟ රටවල් රාශියක දරිද්‍රතා පහළ බැසීමත් සමඟ මෙම ආහාර හිගය සහ කුසගින්න යන සාධකය ඉතාමත් බහුල ලෙස ව්‍යාප්...