Posts

Showing posts with the label කලාව

මාර් ටීන් වික්‍රමසිංහ

Image
  මාර් ටීන් වික්‍රමසිංහ මහතා සිංහල සාහිත්‍ය කලාවේ ප්‍රතිභාන්විත කලාකරුවකු ලෙස මාර් ටීන් වික්‍රමසිංහ සූරීන් පෙන්වා දිය හැකිය.   සිංහල කෙටි කෙටිකතා කලාවේ පියා ලෙසද වික්‍රමසිංහ සාහිත්‍යධරයාව හඳුන්වයි.කොග්ගල ප්‍රාඥයා ලෙස ද මෙතුමා විරුදාවලීය ලබයි. 1924 අප්‍රේල් මස 25 වන දින දිනමිණ පුවත්පත්ට පළ කරන ලද අභිරහස නමැති කෙටි කතාව   වික්‍රමසිංහ ශූරීන් ගේ ප්‍රථම කෙටි කතාවයි. මෙම කෙටිකතාව ඉහළ ජනප්‍රියත්වයකට පත් කරලීමට මාර් ටීන් වික්‍රමසිංහ මහතාට හැකි හැකියාව ලැබී ඇත. එතැන් සිට ආරම්භ කරන ලද මෙතුමාගේ කෙටිකතා ගමන්මඟ නොනැවතී ඉදිරියට ගමන් කළ බවට මෙරට සාහිත්‍ය කලාව සාක්ෂි දරයි. 1924 ආරම්භ කරන ලද   වික්‍රමසිංහයන්ගේ කෙටිකතා ගමන් මඟ මෙ ලෙසින් පෙන්වාදිය හැකිය. 1924 ගැහැණියක් 1927 මඟුල් ගෙදර හා චරිතාපදාන කතා 1936 පව්කාරයාට ගල් ගැසීම 1946 හඳ සාක්ෂි කීම 1947 මගේ කතාව 1949 බිල්ල සහ අපූරූ මුහුණ 1951 වහල්ලු   විශේෂයෙන් මෙකී කෙටිකතා තුල ක්‍රම ක්‍රමයෙන් පරිණත වීමේ ලක්ෂණ පෙන්නුම් කරයි. කෙටිකතාවේ ආකෘතිමය සුන්දරත්වයට වඩා අන්තර් ගතයේ දෘශ්ටිකෝණමය සාර් තකත්වය කෙරෙහි අවධානය යොමු කල...

ගුණදාස අමරසේකර

Image
                    ආචාර් යය ගුණදාස අමරසේකර ව ර් ෂ 1929 නොවැම්බර් මස 12 වැනි දින ගාල්ල යටලමත්තේ ප්‍රාචීන භාෂා උගතෙකු හා සිංහල වෛද්‍යවරයකු වූ හෙන්රික් සූරියආරච්චි අමරසේකර මහතාට දාව යටලමත්තේ පාසලේ මුල් ගුරුවරිය වූ ඇග්නස් මහත්මියගේ කුසින් ගාල්ල යටලමත්තේ දී   ජන්ම ලාභය ලත් ප්‍රතිභාපූර් ණ සාහිත්‍යධරයා නම් ගුණදාස අමරසේකර මහතාය. යටලමත්ත රජයේ පාසලෙනුත්, කොළඹ නාලන්දා විද්‍යාලයෙනුත් පාසල් අධ්‍යාපනය සපුරා ශ්‍රි ලංකා විශ්වවිද්‍යාලයේ දන්ත පීඨයට පිවිස දන්ත වෛද්‍ය උපාධිය දිනාගන්නා ලදි. පසුව දන්ත වෛද්‍යවරයකු වශයෙන් රජයේ දන්ත වෛද්‍යාතනයට බැඳී එහි අධිපතිධුරය තෙක් උසස්වීම් ලැබූහ. යොවුන් වියේදී ම ලේඛන කාලාවට පිවිසි අමරසේකර මහතා පේරාදෙණිය සරසවියේ ඉගෙනුම ලබන යුගයේ දී ම කලාවට දැක් වූ නැඹුරුතාවය ද ඉතා අගනේ ය. අමරසේකරයන් තුල සැඟවී තිබූ සාහිත්‍යමය කුසලතාවය මෙහි දි කෙමෙන් කෙමෙන් මල්ඵල ගැන්විණි. ප්‍රතිභාපූර් ණ කෙටිකතාකරුවකු, නවකතාකරුවකු, කවියකු මෙන්ම සාහිත්‍ය දේශපාලන විචාරකයකු   යන ඉසව්වෙහි ද අමරසේකරයන් තමාගේ සලකුණක් ස්ථාපිත කරලීමට සමත් වූහ. එ...

වාරණය ඉතිහසය

Image
                   වාරණය...                                                     වා රණය යන පදය අමුතු දෙයක් නොවේ. වාරණයට දිගු ඉතිහාසයක් පවතී. එමෙන්ම මාධ්‍ය රණයට සන්නිවේදන මාධ්‍යන්ගේ ආරම්භය දක්වා විහිදෙන දිගු ඉතිහාසයක් පවතී. මෙහි දී වාරණය යනු කුමක් දැයි හඳුනා ගැනීම අත්‍යාවශය කරුණකි. වාරණය හෙවත් Concorship   යන පදය ශ්‍රි සුමංගල ශබ්ද කෝෂයේ දකින ආකාරයට නම් " වැලකීම " , " බාධක " , " වළකන " , යන විවිධ අදහස් ලබා දෙයි. එසේ ම වාරණය " පරිහාර කිරීම " යනුවෙන් ද හදුන්වනු ලබයි.   වාරණය යන්නට මෙහි දී දිය හැකි සරලම අදහස නම්   Bartaman දෝෂ පරීක්ෂාවයි. යම් කිසි සන්නිවේදන මාධ්‍යයක පවතින දෝෂ නැතිනම් එහි යෝග්‍යතාවය පරීක්ෂාවට ලක් කිරීමකින් පසුව නොගැලපෙන දේ ඇත්නම් ඒවා ඉවත් කිරීම සහ දඩුවම් කිරීම මෙහි දී වාරණය මඟින් සිදු වේ. වාරණ ඉතිහාසය කලා මාධ්‍යයන්ගේ...