වාරණය ඉතිහසය

 

             වාරණය...

                                          


වා

රණය යන පදය අමුතු දෙයක් නොවේ. වාරණයට දිගු ඉතිහාසයක් පවතී. එමෙන්ම මාධ්‍ය රණයට සන්නිවේදන මාධ්‍යන්ගේ ආරම්භය දක්වා විහිදෙන දිගු ඉතිහාසයක් පවතී. මෙහි දී වාරණය යනු කුමක් දැයි හඳුනා ගැනීම අත්‍යාවශය කරුණකි. වාරණය හෙවත් Concorship  යන පදය ශ්‍රි සුමංගල ශබ්ද කෝෂයේ දකින ආකාරයට නම් " වැලකීම " , " බාධක" , " වළකන " , යන විවිධ අදහස් ලබා දෙයි. එසේ ම වාරණය " පරිහාර කිරීම " යනුවෙන් ද හදුන්වනු ලබයි.

 වාරණය යන්නට මෙහි දී දිය හැකි සරලම අදහස නම්  Bartaman දෝෂ පරීක්ෂාවයි.

යම් කිසි සන්නිවේදන මාධ්‍යයක පවතින දෝෂ නැතිනම් එහි යෝග්‍යතාවය පරීක්ෂාවට ලක් කිරීමකින් පසුව නොගැලපෙන දේ ඇත්නම් ඒවා ඉවත් කිරීම සහ දඩුවම් කිරීම මෙහි දී වාරණය මඟින් සිදු වේ.

වාරණ ඉතිහාසය කලා මාධ්‍යයන්ගේ ඉතිහාසය තරම් පැරණිය . මෙම වාරණය ආරම්භයේ පටන් ම සදාචාරය හා ආචාරධර් ම හා බැඳි පවතී. පුරවැසියන්ගේ සදාචාරාත්මක දිවිමඟ මුළු මහත් සමාජයේ යහපැවැත්ම කෙරෙහි ප්‍රබල ලෙස බලපැවැත්වෙන බැවින් සමාජයේ යහපැවැත්මට අහිතකර ලෙස බලපෑ  හැකි හැසිරීම් වලින් ජනතාව වළකාලිමත් එවැනි අහිතකර හැසිරීම් සඳහා ජනතාව පොළඔවන ආවේග මැඩලීම රාජ්‍ය සතු වගකීමක් බවට පත්විය. එම වගකීම රාජ්‍ය නිසා මාධ්‍යන්ගේ වාරණය බිහි වූ බව පැහැදිලි වේ.

වාරණ ඉතිහාසයේ විධිමත් ආකාරයට පත් කරන ලද ප්‍රථම වාරණ නිලධාරියා රෝමයේ දී පත් කරන ලදී. ඒ ක්‍රි.පූ. 443 දීය. මෙය බටහිර ලෝකයේ කලා මාධ්‍යන්ගේ ආරම්භය සනිටුහන් කිරිමකි. ඒ අනුව කලා මාධ්‍යන්ගේ වාරණය හෙවත් දෝෂ පරීක්ෂාව ආරම්භ වූ අතර ඒවායේ නුසුදුසු සහ නොගැලපෙන තත්ත්වයන් තිබුනේ නම් ඒවා ඉවත් කොට කලා මාධ්‍යන්  අනුමත කිරීමත් එකල සිට පැවත එන ලදී. මෙහිදී යම් මුද්‍රිත හෝ වේවා පල වන පුවත්පතක පුවතක් සමාජය අගතියට, සදාචාර විරෝධීව, ජනතා විනයට අහිතකරව හා දැඩි ආගමික විරෝධී ලෙස පල කර ඇති විට දී ජනතාව ඉන් ප්‍රකෝපකාරී වුව ද විය හැකි ය . මෙහි දී රචකයා ස්වයං වාරණයක යෙදී එවැනි පුවත් පල නොකිරීමට වගබලා ගත යුතුය. මෙහිදි  ස්වයං වාරණය යනුවෙන් අදහස් වන්නේ  නිෂේධාත්මක අවධානයෙන් වැළකී සිටීම සඳහා අප පවසන හෝ කරන දේ  ගැන අතිශයින්ම පරස්ස්ම් වන යාන්ත්‍රණයකි. ඒ අනුව මූලික ලේඛනයක් පිළිබඳ මූලින්ම වාරණයක් පනවා ඇත්තේ වර් ෂ 1538 දීය. එහිදි  " තමන්ට රිසි පරිදි " යම් යම් දේ ලියා පල කිරීමේ නිදහස , මුද්‍රණය බිහිවීමත් සමඟ ඇති විය . මෙහිදී කරුණු 03 ක් ප්‍රකාශයට පත් විය. එනම් ,

·         රාජ්‍ය ලෝභී ලේඛන

·         පුද්ගලයන්ට අපහාස වන ආකාරයේ ලේඛන

·         විවිධ විරෝධාකල්ප ඇති වීමට තුඩු දෙන ආකාරයේ ලේඛන

ලෙසින් ප්‍රකාශ කිරීමේ දී සැලකිලිමත් විය යුතු කරුණූ කිහිපයක් ද සඳහන් කරයි. ඒ අනුව පොත් සහ පුවත්පත් තොරතුරු ඉදිරිපත් කිරීමේ දී ස්වයං වාරණයට ලක් වූ නිදර් ශන කිහිපයක් මෙසේ ය.ඒවා පහත ආකාරයට මනාව පෙළගැස්විය හැකිය.


1982 දී  Claudu Guillon  ලියූ  Suicid Mode Demploi කෘතිිය ප්‍රංශයේ දී ස්වයං වාරණයට ලක්  වූ කෘතියක් ලෙසින් මෙම කෘතිය හැදින්විය හැකිය.මෙහි දී සියදිවි නසා ගැනිමේ විධි ක්‍රම රාශියක් සහ ඇතැම් තැනක ඒ සඳහා භාවිතා කල යුුතු බෙහෙත් වර් ගයන් ගැන ද සවිස්තරාත්මක ලියවිල්ලක් මේ පොත ප්‍රකාශණයට පත් කිරීමේ දී ඇතුළත් කොට තිබූ අතර එම නිසාම මෙම පොත ස්වයං වාරණයට ලක් කොට ඇත. මෙම පොත ප්‍රකාශණයට ලක්කොට පළමු වසර තුල දී පිටපත් ලක්ෂයක පමණ ප්‍රමාණයක් අළෙවි වි ඇති බව ද ප්‍රංශය        වාර් තා කරයි. මෙහිදී සැබවින්ම මහජනයාට අහිතකර එවැනි දෑ ප්‍රචාරය කරනවාට වඩා ස්වයං වාරණයට ලක් කිරීම නම් වඩාත් සුදුසු බව කීම සාවද්‍ය නොවේ.

ජනමාධ්‍ය වාරණය යටතේ මුද්‍රත මාධ්‍ය වාරණයට ලක් වූ අවස්ථාවන් පිළිබඳ ඉතිහාසය ඉහත දී ද සඳහන් කරන ලදී. ඒ අනුව 1915 යුුධ නීති පාදක කරගනිමින් අධිරාජ්‍ය විරෝධි ලිපි පළ කලා යැයි සරසවි සදරැස් පුවත්පත ස්වයං වාරණයට ලක් කර තිබේ. එය එසේ සිංහල  බෞද්ධයා සහ සම සමාජ පුවත්පත ද පසු වකවානුවල වාරණයට ලක් කර තිබිමෙන්  තහවුරු වන්නේ අධිපතිවාදය නිදහස් අදහස් යටතේ කිරීමට කටයුතු කර තිබෙන බැවිනි.

පුවත්පත් මාධ්‍යයේ දී ප්‍රවෘත්ති පළ කිරිමේ ක්‍රියාවලීයේ නිරවද්‍ය වූ ප්‍රවෘත්තියක් පාඨකයා වෙතට ඉදිරිපත් කිරිම අසීරු කරතව්‍යකි. විශේෂයෙන් ම ප්‍රවෘත්ති වාර් තාකරුවෙක් වාර් තාකරණ ප්‍රවෘත්තිය පුවත්පතෙහි මුද්‍රණය වීමට ඉඩ නොදි ඉහළ බලධාරින්ට අවශ්‍ය ආකාරයට ඒවා වෙනස් කිරීමට නිරන්තරයෙන් යොමු කරයි. එහි දී පුවත්පත් වාර් තාකරු ස්වයං වාරණයක යෙදෙනුයේ  වඩාත් නිරවද්‍යභාවයකින්  යුතු පුවත් ජනගත කිරිමට ය. මෙයට ඈදා ගත හැකි නවතම පුවත වන්නේ  "අලුත්ගම බේරුවල සිදුවීමයි". මෙහි දී මාධ්‍යවේදීන් ඇතැම් සිදුවීම් වාර් තා කිරීමේ දී සිය අදහස් ප්‍රකාශණයන් යම් ආකාරයකට සිතාමතාම පාලනය කිරීමකට ලක් කරනු ලැබීය . එසේ නොවූයේ නම් දේශවිරෝධි ආකල්පයන් ජනතාව අතර පැතිරීයාමට නිබූ අවස්ථාවන් වලක්වා ගැනීම අපහසු වන බව නිසැකය. එම නිසා ස්වයං වාරණ ක්‍රියාවලීය වාරණ ක්‍රියාවලීයේ දී ඉතාමත් වැදගත් වන්නක් බව පැහැදිලි වේ.

එමෙන් ම පුවත්පත් සහ රූපවාහිනි වල ප්‍රකාශය කරනු ලැබූ 2019 අප්‍රේල් 21 සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ සිදුවීම් වාර් තාකරණයේ දී මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකලාපය දෙසට අවධානය යොමු කිරිම ඉතා වැදගත් වේ.මක්නිසා  ද යත් මෙහි දී ආගමික විරෝධතා වර් ධනය වී ලංකාව තුල ජනවාර් ගික ගැටුම් පවා උද්ගත වීමට හැකියාවක් තිබිණි. එම තත්වය යම්තාක් දුරකට පාලනය කරනු ලැබිම මාධ්‍යවේදින්ගේ ස්වයං වාරණය වීමේ ක්‍රියාවලිය තුලින් සිදු වූ බවත් ඒ තුලින් ද ඉටු වූ  මෙහෙය අපමණ ය .

2020 මාර් තු මස චීනයේ වූහාන් වලින් ඇරඹී covid හෙවත් කොරෝනා වෛරස තත්ත්වය හමුවේ ලොව සෑම මාධ්‍යවේදීන් ( පුවත්පත්කරුවන් සහ රූපවාහිනි මාධ්‍යවේදීන්) ඇතැම් භායානක කරුණු හෙලි නොකර සිටිම ද යම් තැනකදී මෙම වෛරස තත්ත්වය සමනයට හේතු විය.නොඑසේ නම් ඇතැම් වැඩිහිටි පිරිස් එවැනි පුවත් නැරඹීම සහ කියැවීම හේතුවෙන්  ඇති වන්නා වූ භීතිය නිසාම මරණයට පත් වීමට ඉඩ තිබිිණ.මෙහි දී ද ස්වයං වාරණය නෛතික ත්ත්ත්වයන්ට වඩා ඉතා දියුණු මට්ටමක පවතින බව පැවසිය හැකි ය.

එමෙන් ම පොත් නිර් මාණයේ දී ද කතුවරුන් ස්වයං වාරණයකට ලක් වී තිබීම අනිවාර් යය අංගයකි. මක් නිසා ද යත් ඇතැම් කෘති කියැවීමේ දී වයස් භේදයක් , ජාති භේදයක් , ආගම් භේදයක් නොතකා පාඨකයා එය කියවා රස විදීමට මෙන් ම ඇතැම් තැන්හි දී ජීවිත වලට යම් යම් දෑ එකතු කරගන්නා නිසාවෙනි.මෙහි ස්වයං වාරණය ක්‍රියාවලීය තුල දකින්නට ලැබෙන්නේ 1968 දී ටෙනිසන් පෙරේරා විසින් රචිත දැති රෝදෙන් උපන් බුදුන් යන කෙටිකතා සංග්‍රහයයි. මෙහි දී එම කෘතිය ස්වයං වාරණයටට ලක්කොට ඇත්තේ ආගමට ගැරහීමක් ලෙස බුදුන් වහන්සේ යොදා ගත් නිසාවෙනි. මෙහි දී එහි රචිත ඇතැම් ඡේදයන්හී ආගමට අපහාසාත්මක කරුණූ යොදා ඇති නිසාම ස්වයං වාරණය ක්‍රියාවලියට ලක් කොට ඇත.පසුකාලීනව මෙම කෙටිකතා සංග්‍රහයේ පිටපත් සියල්ල අහෝසි කර ඇති බව ද සඳහන් වේ.

සිනමාව තුල ස්වයං වාරණය ක්‍රියාත්මක වීම පිළිබඳ සඳහන් කිරිමේ දී ඇතැම් රටවල වාරණය ඉතාමත් මෘදු අයුරින් ත්‍රියාත්මක කර ඇති බව පෙනී යයි..ඇත්තෙන්ම මෙම වාරණය යොදා ගනු ලබන්නේ බාල වයස්කරුවන් ආරක්ෂා කිරීම සහ ප්‍රේක්ෂකයන්ට සිනමා කෘතියේ අන්තර් ගත කිරීමක් ලෙසින් ලෙස ද හඳුන්වයි. මෙහි දී ලිංගිකත්වය , ප්‍රචණ්ඩත්වය , දේශපාලනය යන සාධක තුන මූලික කර ගනිමින් සිනමා        කර් මාන්තය තුල වැඩි වශයෙන්  ස්වයං වාරණය ක්‍රියාත්මක කිරීමට යොමු වෙයි.

ලිංගිකත්වය සහ ප්‍රචංණ්ඩතවය මූලික කොටගෙන වාරණය වැඩි වශයෙන් ක්‍රියාත්මක කිරීමට බල කරනුයේ බාල වයස්කරුවන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ය. බාලවයස්කරුවන් මෙවැනි දර් ශණ දැකීම තුලින් මනස තුල ඇතිවන ස්වභායන් මැඩලීම සඳහා මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ.

සිනමා කර් මාන්තය ආශ්‍රිතව ලංකාවේ ක්‍රියාත්මක වන්නේ නෛතික රාමුවෙන් බැහැරව ක්‍රියාත්මක වන වාරණ ක්‍රමයකි. වාරණය සම්බන්ධව රජයට බලපෑම් එල්ල වුව ද චිත්‍රපටයක තිර රචනය ලිවීමේ සිට රූපගත කිරිම සඳහා යන කාලය තුල ශ්‍රි ලංකාවේ තිබෙන ආර් ථික , දේශපාලන , සමාජ සංස්කෘතික  කාරනා චින්තනයට මෙහිදී බලපානු ලබයි. සංස්කෘතික , සදාචාරාත්මක , දේශපාලන ආගමික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන සාධක විසින් සෘජුව හෝ වක්‍රාකාරව නිර් මාණයන්ට බලපෑම් එල්ල කරන ආකාරයෙන් එය දැකිය හැකිය .

            මෙහි දී  චිත්‍රපට මෙන් ම කලා කෘති වාරණය කිරිමේ දී ලංකාවේ වාරණය කරන ආයතන වන්නේ රැගුම් පාලක මණ්ඩලයයි. මෙහි දී චිත්‍රපටය මහජන ප්‍රදර් ශණය සුදුසු ද නුසුදුසුද යන්න බලා තීරණය කරන අතර එය වර් ගීකරණය කොට සුදුසු වේ නම් සහතිකයක් නිකුත් කරන අතර නුසුදුසු වේ නම් වාරණය කිරිමක් ද මඟින් ආයතන ක්‍රියාත්මක වේ.මෙහි දී ,

·         V සහතිකය = අසීමිත මහජන ප්‍රදර් ශනය

·         X  සහතිකය = වැඩිහිටි පමණක් සුදුසු බව

·          A  සහතිකය = වැඩිහිටියන්ට වඩාත් සුදුසු බව

වශයෙන් චිත්‍රයෙන් වර් ගීකරණයන් කරනු ලබයි.

            මෙහි දී ස්වයං වාරණය ක්‍රියාවලියට අනුව තහනම් වූ සිනමා කර් මාන්තය දෙස නිදසුන් ආශ්‍රයෙන් විමසා බැලීමේ දී පහත නිදර් ශන ඒ බැව් මනාව යෝග්‍ය වන්නේ කෙසේ දැයි බැලිය හැකි ය .

     2002 වසරේ දී තිරගත වූ ප්‍රංශ ජාතික අධ්‍යක්ෂ ගැස්පා නොඑ ( Gaspar Noe ) ගේ  Irreversible  චිත්‍රපටය දැකිවිය හැකි ය . ඒ වසරේ කාන් උලේළේ දී එය මුලින්ම ප්‍රදර් ශනය පැවති අවස්ථාවේ දී  නරඹන්නන් සමහර  දෙනා චිත්‍රපටය අතරතුරේ දීම ශාලාවෙන් පිටව ගියේ එහි ගැබ්වුණු ඇතැම් ජවනිකා අතිශය කෲර බවින් හා සාහසික බවින් යුතු යැයි නිශ්පාදකවරයාට චෝදනා නගමිනි. මෙහි දී ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ එක් අවස්ථාවක දී ප්‍රධාන නිළිය මැරවරයකු අතින් දූෂණයට ලක්වන ජවනිකා කිහිපයකි.

             ආන්දෝලනාත්මක සිනමාකරුවකු ලෙසින් සැලකෙන නොඑ මේ අවස්ථාව කොතරම් තාත්වික ලෙස රූපයට නගා තිබුනේ ද යත් සත්‍ය වශයෙන් ම එම අත්දැකීම දෙස බලා සිටින්නටවත් නොහැකි තත්ත්වයක් ඇති වෙයි. මෙහි දී  සිනමාහල් වලට චිත්‍රපටයක් නිකුත් කල පසු අධ්‍යක්ෂක නොඑ ට එහි ඇතැම් ජවනිකා කිහිපයක් ඉවත් කිරිමට සංස්කෘතික අමාත්‍යායේ අධ්‍යක්ෂක මණ්ඩලයේ උපදෙස් ලැබී ය . ඒ අනුව මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටයක් ලෙස නම් කරමින් එහි රූප කාණ්ඩ 08 ක්  ඉවත් කිරිමට  ද අධ්‍යක්ෂකවරයාගේ අනුමැතිය ලැබිණි.  මෙම නිර් මාණය ස්වයංවාරණයට ලක් වූ අතර සිනමා ඉතිහාසයට ද එක් විය.

            මීට අමතරව සිනමා ඉතිහාසය දෙස නෙත යොමු  කිරිමේ දි චිත්‍රපට ආශ්‍රයෙන් ලංකාවේ දී  ප්‍රථමයෙන්  තහනම් කරනු ලැබූ චිත්‍රපටය බෞද්ධ චිත්‍රපටයකි. එය නම් 1921 දී නිර් මාණය කල  The Light Of Asia හෙවත් ආසියාවේ ආලෝකය නමැති චිත්‍රපටයයි. 1927 දී මෙම චිත්‍රපටය ප්‍රදර් ශණවාරයේ දී එවක සිටි බෞද්ධ නායකයකු වූ ආර්.එච්.ලෙනෝරා මහතා මෙරට බෞද්ධ සංවිධාන වල ද සහය අතැතිව මෙම චිත්‍රපටය නිසා  බුදු දහමට අගෞරවයක් වනබව පවසා  මෙය වහා ම තහනම් කරන්නැයි ඉල්ලා සිටියේ ය . මෙහි දී චිත්‍රපටය තහනම් කිරීමට මුලීක හේතුව වූයේ ගෞතම බුදුන් වහන්සේගේ චරිතය සඳහා නළුවකු යොදාගෙන තිබිමත් යශෝධරා දේවිය හා සිදුහත් කුමරු අතර ප්‍රේම සම්බන්ධතා ආශ්‍රිත ජවනිකා නිසාවෙන් බුදුදහමට අගෞරවයක් සිදු වේ යන නිගමනය මත මෙම චිත්‍රපටය තහනමට ලක් කල බව පැවසේ. මෙම නිසා සිංගප්පුරුවේ තිරගත වූ The Light Of Asia චිත්‍රපටයක් සිංගප්පූරු බෞද්ධ ජනතාවගේ බලවත් විරෝධය නිසා ම ප්‍රදර් ශනය කිරිම නතර කරන ලදි. මේ අතරතුර බුරුමය ප්‍රදර් ශනය වෙමින් වෙමින් තිබූ The Light Of Asia චිත්‍රපටයත් සිනමා ශාලාව තුල ප්‍රකෝප වූ බුරුම ජනතාව ගිනිබත් කරනු ලැබීය. මේ ආන්දෝලනාත්මක  සිදු වීම් නිසා ම The Light Of Asia චිත්‍රපටය  ලෝකය පුරා අතිශය ස්වයං වාරණය වන  වර් ගීකරණයේ  චිත්‍රපටයන් අතරට එකතු විය .

            ලාංකික සිනමාව චිත්‍රපට පරීක්ෂණය කප විටදී පෙනී යන්නේ චිත්‍රපට රාශියක් වාරණයට ලක් වී ඇති බවයි. ඒ අතර 1997 වසරේ දී ප්‍රසන්න විතානගේ පුරහඳ කලුවර චිත්‍රපටය ස්වයං වාරණයට ලක් වුණි.එමහි අන්තර්ගත වූ එක් සුවිශේෂී අවස්ථාවක් එය වාරණය කිරිමෙහිලා මූලික වී ඇත.එය නම් චිත්‍රපටය අවසානයේ  දි ප්‍රධාන රංගනයෙන් දායක වූ වන්නිහාමිගේ චරිිතය නියෝජනය කල ජෝ.අබේවික්‍රමයන් අන්ධ පියකු ලෙස රංගනයෙන් දායක වූ අතර තම පවුලේ එකම පුතා රට බේරා ගැනීමට ආරක්ෂක අංශයට බැඳී මිය යාම හේතුවෙන් සීල් කරන ලද මිනි පෙට්ටියක් ගෙනෙන අතර මුළු ගමම මෙම මරණය විශ්වාස කල ද වන්නිහාමි එය විශ්සාස නොකරයි. ඔහු සිතන පරිදි ඔයුගේ පුතු මියගොස් නැත.කතාව අවසාන භාගය වන විට තනිව සෙහොනට යන වන්නිහාමි සිය පුතු නිදන් කල වල හාරා සිය ගම්මුන් හට තම පුතු වලේ නොමැත යන පණිවුඩය ලබා දෙයි.මෙහිදි සියල්ලන්ටම දැනගත හැකි වූයේ කෙසෙල්කොට දමා  පුරවන ලද මිනි පෙට්ටියයි.මෙම සිදුවීම පූලික කර ගනිමින් දේශපාලන මැදිහත් වීම් සිදු වූ අතර චිත්‍රප5ටය ප්‍රදර් ශණය කිරිමටද බාදා එල්ල වන ලදි.

           

2001 දී නැවත මෙම චිත්‍රපටය මගිින් ප්‍රදර් ශනය ආරම්භ කරන ලදි.  මෙහිදි චිත්‍රපටයේ ප්‍රධාන නළු ජෝ. අබේවික්‍රමයන් කලාකරුවකු ලෙස සිය වගකීම සියතට ගෙන පවතින යථාර් තය ප්‍රතිනිර් මාණය කරමින් එවකට පැවති සමාජ , ආර් ථික සහ දේශපාලන රටක් තියුණු ලෙස විවේචනයට සාර් ථක සිනමා කෘතියක් ලෙස පුරහඳ කලුවර පැවසීම ඉතා වටී.එම සාර් ථකත්වය වෙනුවෙන්  ජාත්‍යාන්තර සම්මාන  වලට පවා පත් වී ඇත. 1990 වසරේ ප්‍රංශයේ පැවති ඇමියෝන් චිත්‍රපට උළෙලේ දී හොඳම චිත්‍රපටයට හිමිවන ගොන් ති සම්මානයත් , හොඳම ආසියානු චිත්‍රපටයට හිමිවන නෙට්ටෙක් සම්මානයත් අන්තර් ජාතික උළෙලේ දී අන්තර් ජාතික විචාරක සම්මානය සහ එම වසරේම අන්තර් ජාතික සිංගප්පූරූ සම්මාන උළෙලේ දී හොදම නළුවාට හිමිවන සම්මාන ය වන්නිහාමි චරිතය රඟ දැක් වූ ජෝ.අබේවික්‍රමයන්ට ලැබීමත් මෙම සිනමා පටයේ ගුණාත්මක භාවය මනාව පසක් කරනු ලැබීය.

සත්‍යජිත් මා ඉටිපේ යන ලංකාවේ බිහි වූ දක්ෂතම සිනමා අධ්‍යක්ෂක වරයෙකි. ඔහු විසින් නිර් මානය කරන ලද බොරදිය පොකුණ චිත්‍රපටය 2004 දී වැඩ අවසන් කල ද 2010 වන තෙක් රැගුම් පාලක මණ්ඩලයේ අවසරයක් නොමැතිව තිරගත වීමට ලැබෙන්නේ නැත. මෙහිදි සංස්කෘතික සීමා මායීම් එපිටට යන ලද තේමාවක් හරහා මෙම චිත්‍රපටය ගෙතී පවතී. මානූෂ්‍ය සන්තානය ගැඔුරින් පැන නඟින මොහොකත මොහොතින් මොහොත ඉපිදි ඉපිදි ගලා යන බලාපොරොත්තු සන්තාපයන් මුසු වූවක් ලෙස මෙහි දි මනාව ධ්වනිත කරයි. හිමි අහිමි පිළිබඳ කතාන්දරයක් මේ තුල ගැබ් වී පවතී. රාගය මෙන් ම විරාගය ද දුක මෙන්ම සතුට ඒ හා සමඟ යන කඳුල සහ සිනහව තුලින් ආදරය මාතෘත්වය ලබා ගැනීමේ ආශාවෙන් පසුපස දුවන කතාන්දරයක් මෙයින් උද්දීපනය වේ.මෙහිදි ලිංගික දර් ශන දැකිවෙන ජවනිකා සහ අසභ්‍ය වදන් පෙළ නිසා ම චිත්‍රපටය ස්වයං වාරණයට ලක් කිරිමට සිදු වූ අතර රැඟුම් පාලක මණ්ඩලයට නිර් දේශ දීර් ඝ කාලයක් ප්‍රමාද කිරිමට හේතුව ද මෙයට බලපාන ලදි.

            ඉන්දියාව කළඔමින් නිකුත් වූ සංජය ලීලා භන්සායි අධ්‍යක්ෂනය කල 2018 ජනවාරි මස 25 වැනි දින නිකුත් කල  පද්මාවත් චිත්‍රපටය තිරගත වූ මුල් දවස් වල මේ චිත්‍රපටය ද දැඩි ලෙස කතාබහට ලක්විය. ආගමික ප්‍රශ්නයක් මෙහි දි මුලික වී ඇති අතර හිංදු කණ්ඩායම් විසින් හිංදු රැජින සහ මුස්ලිම් රජෙකු අතර පෙම් සම්බන්ධය පෙවමින් පද්මාවතී චිත්‍රපටය ඔවුන්ගේ සංස්කෘතියට අගෞරවයක් ගෙන දෙන බව ප්‍රකාශ කර සිටියි.නිශ්පාදක විසින් මෙය ප්‍රතික්ශේප කරන අතර මාස දෙකක් පුරාවට පැවති උද්ඝෝෂණය හේතුවෙන් චිත්‍රපටය නිදහස් කිරිම ප්‍රමාද වී ඇත. ඒ අනුව පද්මාවත් ලෙස හැදින් වූ මෙම චිත්‍රපටයේ නාමය ද පද්මාවතී ලෙස නම් කරන ලදි.මෙය ද ඉන්දියාවේ මෑත භාගයේ සිදු වූ තවත් එක් ස්වයං වාරණ ක්‍රියාවලියකි.

             අතීතයෙ පටන්  විවිධාකාර ප්‍රවේශයන් ඔස්සේ වාරණය මෙරට සිදු වූ ආකාරට ඉහත සඳහන් කරුණූ ආශ්‍රයෙන් පෙනෙනට තිබේ. නමුදු ගුවන්විදුලි වැඩටසහන් ඔස්සේ ද ස්වයං වූ වාරණ ක්‍රමවේදයක්  පිළිබඳ කරුණු ගොනු කිරිමට හැකියාව ලැබේ. ඒ අනුව  ජාතික සමඟිය සහ සංහිඳියා කාර් යාලය මඟින්  ස්වාධීන ගුවන්විදුලි සේවයෙහි විකාශනය වූ මාලක සේවප්‍රියගේ නිහොන් සැප ලැබේවා සහ තෙරුවන් සරණයි යන තුවන් විදුලි නාට්‍ය දෙක මඟින් බෞද්ධ ආගමට අපහාස කිරීමක් අන්තර්ගත වේ යැයි පවසමින් ඒ සම්බන්ධයෙන් එම වැඩසටහන ස්වයං වාරණය කිරිමකට ලක් කොට ඇත. මන් ද යත් ආගමික මතවාද ඇසිමෙන් පවා ඇතැම් තැනක ආගමික විරෝධි ක්‍රියාකාරකම් නිර් මාණය වීමට ඇතැම් ජන කණ්ඩායම් ඉඩකඩ සැලසා ගත හැකි නිසාවෙනි.

තව ද  1990 සොමරත්න දිසානායකගේ අඩසඳ වෙලිනාට්‍ය ද දේශපාලඥයකුගේ මැදිහත් වීම මත වාරණයට ලක් කරන ලදි.

ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන ලද සත්‍යාගාරය වැඩසටහනෙහි පෙරටුගාමි පක්සයේ කුමාර ගුණරත්නම් මහතා සම්බන්ධ වූ මෙම වැඩසටහන තහනමට ලක් කරනු ලැබීය.

සිනමා පමණක් නොව අනෙකුත් කලා නිර් මාණයන්ද අපේ රටේ දී විවිධ රජයන් යටතේ දි වාරණයට ලක් විය.ඒ අනුව මංජුල වෙඩිවර් ධන ලියූ " මේරි නම් මාරියා " කෘතිය ද කේ.කේ.ශ්‍රිනාත් චතුරංගගේ " බුුදුන්ගේ රස්තියාදුව"කෘතිය ද අසංක දේවප්‍රියගේ " මං කෙළින් මිනිහෙක්" වේදිකා නාට්‍ය ද මෑත කාලයේ දී  ස්වයං වාරණයට ලක් වූ කලා කෘති මෙලෙස ඉදිරිපත් කල හැක.

            වාරණය නමැති ඉතිහාසය දෙස බලන කල දී වාරණය යනු කුමක් ද වාරණයක් පණවනු ලබන්නේ කුමන් හේතු සාධකය පදනම් කර ගනිමින් ද යන්න ඉහත දරන්නේ සාක්ෂි සහ තොරතුරුය. මෙහි දි මාධ්‍ය වාරණය පණවන විට දී ස්වයං වාරණය මෙම මාධ්‍ය වාරණය සඳහා යොදාගනු ලබන්නේ සමාජ ,ආර් ථික, දේශපාලනික තත්වයන් වලදී නිෂ්පාදකවරයා විසින් යම් නිර් මාණයක් කිරිමේ දී එහි අඩංගු දෑ පිලිබඳ පුලික අවධානය යොමු කැමිනි. මෙහි දි ජාති  , ආගම් , සංස්කෘතීන් , ස්ත්‍රි පුරුෂ සමාජභාවය ආදි සෑම අංගහක් කෙරෙහිම නෙත යොමා සමාජය නිෂ්පාදකවරයා විසින් එළිදක්වන නිර් මානය කෙසේ භාර ගනීවි ද යන්නත් එවැනි නිර් මාණයන් තුල යම් ආගමික විරෝධි , දේශපාලනික මැදිහත් වීම් , ලිංගික ක්‍රියාකාරකම් යන දෑ තුලින් ග්‍රාහකයා ප්‍රකෝපකාරි වන යම් දෑ අඩංගු වේ නම් එවැනි නිර් මාණයන් නිශ්පාදකවරයා දැනුවත් කර එවැනි කොටස් කපා හැරිමට ලක් කිරිම හෝ එවැනි දර් ශනයන් ඇති මාධ්‍ය තහනමට ලක් කිරිම ස්වයං වාරණ ක්‍රියාපිළිවෙත හරහා සිදු වන ආකාරය මැනවින් විසඳ වන අයුරු සත්‍ය බව කීම යුක්ති යුක්තය .


Comments

Post a Comment

Do leave your comment

Popular posts from this blog

ගුණදාස අමරසේකර

මාර් ටීන් වික්‍රමසිංහ

ආහාර හිඟය සහ සාගින්න