ආහාර හිඟය සහ සාගින්න

                                    


                        ආහාර හිඟය  සහ සාගින්න


ගෝලීය ආහාර සුරක්ෂිතතාවය රඳා පවතිනුයේ ප්‍රමාණවත් ආහාර නිපැයුම් සහ ආහාර සඳහා ඇති හිමිකම් යන සාධක දෙක  මතය. UN  ආයතනය WHO සංවිධානය විසින් එක්දහස් නවසිය අනූහය (1996) දී ආහාර සුරක්ෂිතතාවය පිලිබඳව විස්තර කරනුයේ මෙසේය.

 "ක්‍රියාකාරී සහ නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යනු සඳහා ආහාර අවශ්‍යතා සහ රුචියෙන් යුතු පෝෂදායි සුරක්ෂිත මෙන්ම  ප්‍රමාණවත් ආහාර සඳහා සෑම කෙනෙකුටම සෑම වෙලාවකදීම භෞතික සහ            ආර් ථික හිමිකමක් පැවතීය යුතුය "

නමුත් මෙම තත්ත්වය වර් තමානයේ දී බොහෝ සෙයින් වෙනස් අතකට හැරී පවතී. ඒ දරිද්‍රතාවය හේතුකොටගෙනය. covid -19 වල පැමිණීමත් සමඟ රටවල් රාශියක දරිද්‍රතා පහළ  බැසීමත්  සමඟ මෙම ආහාර හිගය සහ කුසගින්න යන සාධකය ඉතාමත් බහුල ලෙස ව්‍යාප්ත වන්නට විය. ලෝක බැංකු දත්ත  වාර් තා වලට  අනුව 2015 දී ලෝක ජනගහනයෙන් 10%  දිනකට ඩොලර්  1.90 ක් හෝ ඊට අඩු මට්ටමක ජීවත් විය. එය 2010 දී දරිද්‍රතාවයෙන් පෙළුණු ජනසංඛ්‍යාවට සාපේක්ෂව බලන විට 16% ක අඩුවීමකි. එමෙන්ම එය 1990 දී දරිද්‍රතාවෙන් පෙළුණු ජනසංඛ්‍යාවට සාපේක්ෂව බලන විට 36% ක අඩුවීමකි. කෙසේ හෝ දරිද්‍රතා අගය අඩු වීමත් සමඟ ආහාර මිල ඉහළ යාම සහ ඒ ආශ්‍රයෙන් ආහාර හිඟයක් හට ගැනීම සහ සාගින්න හෙවත් කුසගින්න ඉතාමත් දරුණු ලෙසින් සමකාලීන සමාජය තුළ පැතිර යන්නට විය.

මෙසේ යන ගමන් මගේ දී ලෝකයේ සෑම කලාපයකම අධික බර සහ ස්ථූලතාවයෙන් අඛණ්ඩව ඉහළ යන බව ද 2019 ලෝක ආහාර සුරක්ෂිතතාතාවය සහ පෝෂණ තත්වය  පිළිබඳව වාර් තාවන්හි සඳහන් වීමත් සමඟ මේ අර් බුදය පිළිබඳව කෙරෙන සංවාදය නව දිශානතියකට යොමු කරවා ඇත. ලෝක ආහාර හිඟයට හේතු වශයෙන් පහත සඳහන් කරුණූ බලපා ඇති බවයි දත්ත වාර් තා වලට අනුව පෙනී යන්නේ.

·         වැඩිවන ජනග්‍රහණය

·         ස්වාභාවික ආපදා

·         අධි පරිභෝජනය

·         වෙළඳපොළ මූලක වීම

·         ජෛව ඉන්දන නිපදවීම

·         බහු ජාතික සමාගම්

·         සත්ත්ව ආහාර සඳහා ආහාර

·         යුධමය තත්ත්ව සහ ගැටුම්

·         නාගරීකරණය නිසා කෘෂිබිම් අහිමි වීම.

·         වේගවත්  නාගරීකරණය

·         සාම්ප්‍රදායික කෘෂිකර් මාන්තය නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම

·         ආහාර මිල ගණන් වල ඉහළ යෑම

·         අතිරික්ත ආහාර ක්‍රමවත්ම ආහාරයට නොගැනීම

·         දේශගුණික විපර් යාස නිසාවෙන් කෘෂිබිම් හැකිලීම

·         වගාවට සුදුසු භූමිය සීමා සහිත වීම

 

යනාදී   හේතු සාධක දරිදතාවය මත පදනම්ව ආහාර හිඟය සහ සාගින්න ඇතිවීමට මූලබීජය ඉහත කරුණු වලින් සනාථ වෙයි. සුඩානය , උගන්ඩාව , සෝමාලියාව  , දකුණු සුඩානය  , යේමනය  , ඉතියෝපියාව වැනි බොහෝ රටවල මෙම ආහාර හිඟකම නිසා ම දුක් විදින ජනතාව බොහෝ පිරිසක් මරණයට පවා පත් වන අවස්ථා බොහෝ ප්‍රමාණයක් වාර් තා වේ. ඒ අතරින්  ශ්‍රි ලංකාව ද  ප්‍රධාන තැනක් ගනී.

මේ අතර දැනට පවතින මෙම ආහාර අර් බුදය සහ ඒ තුලින් පීඩා විදින හෙවත් ආහාර හිඟතාවය නිසා සාගින්නේ සිටීම නිසා ඇති වී තිබෙන ගැටළු රාශියක් ද දැකගත හැකිය. ඒවා පහත පරිදි වේ.

·         මන්දපෝෂණය

·         ප්‍රතිශක්තිය හීන වීම

·         ගර් භනී කාන්තාවන්ගේ පෝෂණය මට්ටම අවම මට්ටමක පැවතීම

·         නොමේරූ ළදරු උපත්

·         නිදන්ගත රෝග වලට හේතු වීම


ලෝක ආහාර වැඩසටහන් වලට අනුව මිලියන 6.3 ජනතාවක් හෝ ශ්රි ලංකාවේ ජනග්රහයෙන් 30% වැඩි පිරිසක් ආහාර අනාරක්ෂිතභාවය නිසා ඔවුන්ට මානූෂීය ආධාර පවා හිමි විය යුුතුය. මෙයින් මිලියන 5.3 ක පමණ ජනතාවක් ආහාර වේල අඩු කරමින් සහ ආහාර වේල මඟහරිමින් සිටින අතර අවම වශයෙන් පුද්ගලයින් 65  , 600 දැඩි ලෙස ආහාර නොමැතිව කුසගින්නේ සිටින බවයි දත්ත වාර් ථා වලට අනුව පැහැදිලි වන්නේය.

ලංකාව සහ ලෝකයේ මෙම පැන නැගී ඇති සමකාලීන  තත්ත්වය හමුවේ මෙහිදි  දරිද්‍රතාවය හේතුවෙන් ඇති වන්නා වූ ආහාර හිඟය සහ සාගින්න අවම කර ගැනීමට ද ගත යුතු ක්‍රියාමාර් ග රාශ්‍රියක් පවතී. දේශගුණික විපර් යාස අවම කිරීමට කටයුතු කිරීම , පවතින යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම  , ඉඩම් සහ ස්වාභාවික සම්පත් ප්‍රශස්ත කිරීම  , වාණිජ්‍යකරණය වීමේ අවධානම අඩු කිරීම යනාදි ආහාර හිඟය සහ සාගින්න තුරන් කිරීමට ගත හැකි ප්‍රබල ක්‍රියාමාර් ගයන්ය.

 


Comments

  1. well done keep it up

    ReplyDelete
  2. 💖💖💖

    ReplyDelete
  3. 🙂🙂🙂🙂🙂

    ReplyDelete
  4. 👍👍👍👍👍

    ReplyDelete

Post a Comment

Do leave your comment

Popular posts from this blog

ගුණදාස අමරසේකර

මාර් ටීන් වික්‍රමසිංහ