මාර් ටීන් වික්‍රමසිංහ

 

මාර් ටීන් වික්‍රමසිංහ මහතා



සිංහල සාහිත්‍ය කලාවේ ප්‍රතිභාන්විත කලාකරුවකු ලෙස මාර් ටීන් වික්‍රමසිංහ සූරීන් පෙන්වා දිය හැකිය.  සිංහල කෙටි කෙටිකතා කලාවේ පියා ලෙසද වික්‍රමසිංහ සාහිත්‍යධරයාව හඳුන්වයි.කොග්ගල ප්‍රාඥයා ලෙස ද මෙතුමා විරුදාවලීය ලබයි.

1924 අප්‍රේල් මස 25 වන දින දිනමිණ පුවත්පත්ට පළ කරන ලද අභිරහස නමැති කෙටි කතාව  වික්‍රමසිංහ ශූරීන් ගේ ප්‍රථම කෙටි කතාවයි. මෙම කෙටිකතාව ඉහළ ජනප්‍රියත්වයකට පත් කරලීමට මාර් ටීන් වික්‍රමසිංහ මහතාට හැකි හැකියාව ලැබී ඇත. එතැන් සිට ආරම්භ කරන ලද මෙතුමාගේ කෙටිකතා ගමන්මඟ නොනැවතී ඉදිරියට ගමන් කළ බවට මෙරට සාහිත්‍ය කලාව සාක්ෂි දරයි. 1924 ආරම්භ කරන ලද  වික්‍රමසිංහයන්ගේ කෙටිකතා ගමන් මඟ මෙ ලෙසින් පෙන්වාදිය හැකිය.

1924 ගැහැණියක්

1927 මඟුල් ගෙදර හා චරිතාපදාන කතා

1936 පව්කාරයාට ගල් ගැසීම

1946 හඳ සාක්ෂි කීම

1947 මගේ කතාව

1949 බිල්ල සහ අපූරූ මුහුණ

1951 වහල්ලු

 විශේෂයෙන් මෙකී කෙටිකතා තුල ක්‍රම ක්‍රමයෙන් පරිණත වීමේ ලක්ෂණ පෙන්නුම් කරයි. කෙටිකතාවේ ආකෘතිමය සුන්දරත්වයට වඩා අන්තර් ගතයේ දෘශ්ටිකෝණමය සාර් තකත්වය කෙරෙහි අවධානය යොමු කල ලේඛකයෙක් ලෙසින් වික්‍රමසිංහයන් හඳුන්වා දිය හැකි ය . කෙටිකතාව නමැති සාහිත්‍ය නිර් මාණ මාධ්‍ය මනාව අවබෝධ කරගෙන නිර් මාණකරණයට පිවිසි පරිනතභාවයෙන් අනූන කෙටිකතා කරුවෙකු ලෙසින් මෙතුමා විරුධාවලිය ලබයි.

1927 මඟුල් ගෙදර හා චරිතාදර් ශ කතාව මඟින් බටහිර සිරිත් විරිත් , සිතුම් පැතුම් , ඇඳුම් පැළඳුම්  මෙරට ජන ජීවිතයට ප්‍රවිශ්ට වූ ආකාරය කලාත්මකව විචිත්‍රණය කරයි.

එමෙන්ම 1936 දී රචිත පව්කාරයාට ගල් ගැසීම කෙටිකතාවෙන් ජීවිතයේ හාස්‍යජනක සිදුවීම්,   සමාජය පිළිබඳ සිදුවිම් උපහාසාත්මකව අයුරකින් මුසුකොට කලාත්මකව ධ්වනිත කරන්නට සමත් වේ.මේ ආකාරයට ත්‍රමයෙන් පරිණතභාවයට පත් වෙමින් 1946 හඳ සාක්ෂි කීම කෙටිකතාව තුලින් ද සමාජ යථාරථය ගැඹුරින් විවේචනය කරයි. 1947 දී රචිත මගේ කතාව තුලින්ද සුපුරුදු පරිදි සමාජ වවේචනය මුවගට මඳ සිනහ රැල්ලක් නැගෙන පරිදි උපහාසයෙන් යුතුව ඉදිරිපත් කොට ඇත.  1949 දී මාර් ටීන් වික්‍රමසිංහශුරීන් අතින් රචිත බිල්ල සහ අපූරු මුහුණ නමැති කෙටිකතාවෙන් ද දියුණු කෙටිකතාවක ලක්ෂණ දැකිය හැක.

 1924 දී රචිත ගැහැණිය කෙටිකතා සංග්‍රහය මුල්ම කෙටිකතා සංග්‍රහයයි. යථාර් ථවාදී බව මනාව උද්දීපනය කරන කලාත්මක පරිසමාප්තියකින් යුක්ත කෙටිකතා කිහිපයක් ඒ තුල අන්තර් ගත වේ. අතිශය සාර් ථක කෙටිකතා සංග්‍රහයක් ලෙස මෙහ පෙන්වා දිය හැක. බේගල් , ඉරව් කබාය , මව , නරක් වු පිටි බඳුන , කුවේණී යන කතා එහි අන්තර් ගත බව සඳහන් කල යුතු ය .

කලාත්මක බවින් යුක්ත සමාජය ගැමි ජීවිතය විනිවිද දැකීමට උත්සාහ ගැනීම මොහුගේකෙටිකතා කියවීමේ දී පාඨකයාට මනා ලෙස අවබෝධ වනවා නොඅනුමානය. මන්දයත් මාර් ටීන් වික්‍රමසිංහ මහතාගේ මුල්කාලීන කෙටිකතාවට වැඩි වශයෙන් වස්තු විෂය වී තිබෙන්නේ ගැමි සමාජය සහ ගැමි ජීවිතය පිළිබඳවයි. චරිත විනිවිද දකින්නට ඉතා සහජ හැකියාවක් වික්‍රමසිංහ සාහිත්‍ය කලාකරුවාට පැවති බව නොරහසකි. ඔහුගේ කෙටිකතා කියවීමේ දී පාඨකයාට මනා ලෙස ඒ බැව් අවබෝධ වනවා නොඅනුමානය. චරිත විනිවිද දකින්නට ඉතා සහජ හැකියාවක් වික්‍රමසිංහ සාහිත්‍ය කලා කරුවාට පැවති බව නොරහසකි.

1951 දී රචිත වහලු නැමැති කෙටිකතාව මගින් ද පිළිබිඹු වන්නේ ගැමි ජීවිත යථාර් ථ ස්වභාවය යි එය කලාත්මක අයුරින් විචිත්‍රණය කිරීමට උත්සුක වූ ලේඛකයකු ලෙස එමගින් ගම්‍යමාන වෙයි . කෙටිකතා 12කින් යුක්ත වූ කෙටිකතා තුළින් විවේක බුද්ධිය , මානව දයාව, ජීවිත අවබෝධය කලාත්මක ලෙස පරිකල්පනය කරයි. එමෙන්ම කෙටිකතාව තුළින් උපේක්ෂාශීලී බව ද මනා ලෙස පිළිබිඹු වේ.

මොහුගේ කතා කලාවේ නූතන ලෝකයේ දක්නට ලැබෙන කලාත්මක ලක්ෂණ දක්නට ලැබේ. භාෂාවේ කාව්‍යාත්මකභාවය, පසුබිම් වර්ණනා, සංකේත නිරූපණ කතා කලාව රසවත් කිරීම්ට උපමා  රූපක ආදිය යොදා ගැනීම් පරිසර වර් ණනය යොදා ගැනීම ඔහුටම අනන්‍ය වූ කලාත්මක ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැකිය.

1944 දී ඔහු විසින් රචිත ගම් ගම්පෙරළිය නවකතාව ඉතා විශිෂ්ඨ ගණයේ නවකතාවකි. එමගින් සංකේතවත් නිරූපණය මනාව පිළිබිඹු වේ. එහි සඳහන් මහගෙදර ඉතා  ප්‍රබල සංඛකේතයකි. ආඛ්‍යාන ශෛලියට වඩා රූපයට මුල්තැන ලබාදේ. නාට්‍ය ආකාරයක්ද ගනියි. එතරම් ඔහුගේ නවකතා කෙටිකතා අලංකාර රසයෙන් යුක්තය. පරිපූර් ණය. කතා රසය මුවට මද සිනහව නංවන සුළු සියුම් වූ උපහාසයක් ද මාර් ටීන් වික්‍රමසිංහ ශූරීන්ගේ කතා විලාශයට අන්තර් ගත වේ.


Comments

Post a Comment

Do leave your comment

Popular posts from this blog

ගුණදාස අමරසේකර

ආහාර හිඟය සහ සාගින්න