Posts

Showing posts from May, 2023

වාරණය ඉතිහසය

Image
                   වාරණය...                                                     වා රණය යන පදය අමුතු දෙයක් නොවේ. වාරණයට දිගු ඉතිහාසයක් පවතී. එමෙන්ම මාධ්‍ය රණයට සන්නිවේදන මාධ්‍යන්ගේ ආරම්භය දක්වා විහිදෙන දිගු ඉතිහාසයක් පවතී. මෙහි දී වාරණය යනු කුමක් දැයි හඳුනා ගැනීම අත්‍යාවශය කරුණකි. වාරණය හෙවත් Concorship   යන පදය ශ්‍රි සුමංගල ශබ්ද කෝෂයේ දකින ආකාරයට නම් " වැලකීම " , " බාධක " , " වළකන " , යන විවිධ අදහස් ලබා දෙයි. එසේ ම වාරණය " පරිහාර කිරීම " යනුවෙන් ද හදුන්වනු ලබයි.   වාරණය යන්නට මෙහි දී දිය හැකි සරලම අදහස නම්   Bartaman දෝෂ පරීක්ෂාවයි. යම් කිසි සන්නිවේදන මාධ්‍යයක පවතින දෝෂ නැතිනම් එහි යෝග්‍යතාවය පරීක්ෂාවට ලක් කිරීමකින් පසුව නොගැලපෙන දේ ඇත්නම් ඒවා ඉවත් කිරීම සහ දඩුවම් කිරීම මෙහි දී වාරණය මඟින් සිදු වේ. වාරණ ඉතිහාසය කලා මාධ්‍යයන්ගේ ඉතිහාසය තරම් පැරණිය . මෙම වාරණය ආරම්භයේ පටන් ම සදාචාරය හා ආචාරධර් ම හා බැඳි පවතී. පුරවැසියන්ගේ සදාචාරාත්මක දිවිමඟ මුළු මහත් සමාජයේ යහපැවැත්ම කෙරෙහි ප්‍රබල ලෙස බලපැවැත්වෙන බැවින් සමාජය

ආහාර හිඟය සහ සාගින්න

Image
                                                              ආහාර හිඟය  සහ සාගින්න ගෝ ලීය ආහාර සුරක්ෂිතතාවය රඳා පවතිනුයේ ප්‍රමාණවත් ආහාර නිපැයුම් සහ ආහාර සඳහා ඇති හිමිකම් යන සාධක දෙක   මතය. UN   ආයතනය WHO සංවිධානය විසින් එක්දහස් නවසිය අනූහය (1996) දී ආහාර සුරක්ෂිතතාවය පිලිබඳව විස්තර කරනුයේ මෙසේය.   " ක්‍රියාකාරී සහ නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යනු සඳහා ආහාර අවශ්‍යතා සහ රුචියෙන් යුතු පෝෂදායි සුරක්ෂිත මෙන්ම   ප්‍රමාණවත් ආහාර සඳහා සෑම කෙනෙකුටම සෑම වෙලාවකදීම භෞතික සහ             ආර් ථික හිමිකමක් පැවතීය යුතුය " නමුත් මෙම තත්ත්වය වර් තමානයේ දී බොහෝ සෙයින් වෙනස් අතකට හැරී පවතී. ඒ දරිද්‍රතාවය හේතුකොටගෙනය. covid -19 වල පැමිණීමත් සමඟ රටවල් රාශියක දරිද්‍රතා පහළ   බැසීමත්   සමඟ මෙම ආහාර හිගය සහ කුසගින්න යන සාධකය ඉතාමත් බහුල ලෙස ව්‍යාප්ත වන්නට විය. ලෝක බැංකු දත්ත   වාර් තා වලට   අනුව 2015 දී ලෝක ජනගහනයෙන් 10%   දිනකට ඩොලර්   1.90 ක් හෝ ඊට අඩු මට්ටමක ජීවත් විය. එය 2010 දී දරිද්‍රතාවයෙන් පෙළුණු ජනසංඛ්‍යාවට සාපේක්ෂව බලන විට 16% ක අඩුවීමකි. එමෙන්ම එය 1990 දී දරිද්‍රතාවෙන් පෙළුණු ජනසංඛ්‍යාව