ගුණදාස අමරසේකර

 


               ආචාර් යය ගුණදාස අමරසේකර

ර් ෂ 1929 නොවැම්බර් මස 12 වැනි දින ගාල්ල යටලමත්තේ ප්‍රාචීන භාෂා උගතෙකු හා සිංහල වෛද්‍යවරයකු වූ හෙන්රික් සූරියආරච්චි අමරසේකර මහතාට දාව යටලමත්තේ පාසලේ මුල් ගුරුවරිය වූ ඇග්නස් මහත්මියගේ කුසින් ගාල්ල යටලමත්තේ දී  ජන්ම ලාභය ලත් ප්‍රතිභාපූර් ණ සාහිත්‍යධරයා නම් ගුණදාස අමරසේකර මහතාය.

යටලමත්ත රජයේ පාසලෙනුත්, කොළඹ නාලන්දා විද්‍යාලයෙනුත් පාසල් අධ්‍යාපනය සපුරා ශ්‍රි ලංකා විශ්වවිද්‍යාලයේ දන්ත පීඨයට පිවිස දන්ත වෛද්‍ය උපාධිය දිනාගන්නා ලදි. පසුව දන්ත වෛද්‍යවරයකු වශයෙන් රජයේ දන්ත වෛද්‍යාතනයට බැඳී එහි අධිපතිධුරය තෙක් උසස්වීම් ලැබූහ. යොවුන් වියේදී ම ලේඛන කාලාවට පිවිසි අමරසේකර මහතා පේරාදෙණිය සරසවියේ ඉගෙනුම ලබන යුගයේ දී ම කලාවට දැක් වූ නැඹුරුතාවය ද ඉතා අගනේ ය. අමරසේකරයන් තුල සැඟවී තිබූ සාහිත්‍යමය කුසලතාවය මෙහි දි කෙමෙන් කෙමෙන් මල්ඵල ගැන්විණි. ප්‍රතිභාපූර් ණ කෙටිකතාකරුවකු, නවකතාකරුවකු, කවියකු මෙන්ම සාහිත්‍ය දේශපාලන විචාරකයකු  යන ඉසව්වෙහි ද අමරසේකරයන් තමාගේ සලකුණක් ස්ථාපිත කරලීමට සමත් වූහ. එපමණක් ම නොව සිය   නිර් මාණ වල වස්තු විෂය හා ලේඛන ශෛලීය නිසාම සාහිත්‍ය ලෝකයේ දී මහත් ආන්දෝලනාත්මක චරිතයක් වන්නට ද අමරසේකරයන්ට හැකි විය.

නූතන කෙටිකතා කලාවේ පුරෝගාමි ලේඛකයකු වන ගුණදාස අමරසේකර  පනහ දශකය වන විට              ( 1950) කෙටිකතා ලිවීම ආරම්භ කළේය .කෙටිකතාව හා අමරසේකරයන්ගේ කලාත්මක සාහිත්‍ය දෙස බලන කල විශේෂයෙන් රුසියානු ආභාෂය ලබා ඇති බව හඳුනා ගත හැකි ය . ගීද මෝපසාං නැමැති ලේඛකයා හරහා ප්‍රංශ ආභාෂය ලබා ඇත. මෙහි දි  ,

·         මුල මැද යන අංග වලින් යුක්ත වීම

·         කතාව ආරම්භයේ පාඨකයා වික්ෂිප්ත කිරිම

·         කතාව අවසානයේ ඝට්ටනය උපරිම කිරිිම

යනා දී වූ ලක්ෂණ බයිසිකලය , ලිපිකරුවෝ දෙදෙන , ජීවන සුවඳ , ගැමිකත , මිත්‍රයෝ දෙදෙන යනා දී වූ කෙටිකතා තුලින් දැකිය හැකිය. රුසියානු ආභාෂය ලබා ඇත්තේ ඇන්ටන් චෙකෝෆ් , නිකලොයි ගොගොල් , ඇලෙක්සැන්ඩර් ගාර් ෂින් වැනි විශිෂ්ට ගණයේ රුසියානු ලේඛකයන්ගෙනි.

මේ අනුව යමින් 1952 ප්‍රකාශයට පත් කල  "රතු රෝස මල" කෙටිකතා සංග්‍රහය නිර් මාණයෙන් සාහිත්‍ය ලෝකයට ප්‍රවිශ්ට විය. එපමණක් නොව කෙටිකතාව පිළිබඳ පුළුල් අවබෝධයකින් යුක්තව                 නිර් මාණයට පිවිසි මොහු විදේශිය කෙටිකතා සාම්ප්‍රදාය අනුගමනය කල තැනැත්තෙකි. 1950 දී එළි දක්වන ලද "ජීවන සුවඳ " , 1969  "එකම කතාව" , 1972 "එක්ටැමෙන් පොලොවට" , 1975 "කතා පහක්"  ,1988 "ගල් පිළිමය සහ බොල් පිළිමය" , 1998 "මරණ මංචකයේ දුටු සිහිනය" , 2007 "පිළිම ලොවයි පියෙවි ලොවයි ",  2007 "විල්තෙර මරණය "සහ  "කියනු මැන දිවි අරුත" යන්නා වූ සියලුම කෙටිකතා සංග්‍රයහන් සිංහල සාහිත්‍යට දායාද කරමින් කෙටිකතා කලාවේ ප්‍රවර් ධනයට මෙතුමා මහඟු සේවයක් ඉටු කර ඇත.  තව ද අමරසේකරයන් අතින් රචිත "සෝමා" කෙටිකතා ලෝකයේ හොඳම කෙටිකතා කිහිපය අතරට  එක් විය.තව ද අමරසේකරයන්ගේ කෙටිකතා පෝෂණය තුල විවිධත්වයක් ද මැනවින් දකින්නට ලැබීම තුල ඔහුගේ මහා සාහිත්‍යාංග කුසලතාවය ඔප් නංවාලීමට හැකියාව ලැබීණි. 

කෙටිකතාවට පමණක් සිමා නොවී නවකතාකරුවකු වශයෙන් නවතාවයක් රැගෙන එන  අමරසේකරයන් රුසියානු ආභාෂය මෙන් ම යුරෝපීය ආභාෂය ද ලබා ඇති බව පෙනේ. මෙහි දි මැක්සිමම් ගෝර් කී  සහ ඩොස්ටවුස්කි  යන රුසියානු ලේඛකයන්ගේ ආභාෂය මෙන් ම ඩී.එච්. ලෝරන්ස් නමැති ඉංග්‍රීසි නව කතාකරුගේ බලපෑම ද කැපී පෙනේ. මෙසේ සියලු කරුණු ගොණු කරගනිමින් අමරසේකරයන් විසින් ගෙනෙන ලද නවතම කතාංගය වූයේ 1955 දී ප්‍රකාශයට පත් කරුමක්කාරයෝ නවකතාවයි.එය ප්‍රථම නව කතාව ද වේ.එතැනින් නොනැවතී  "යළි උපන්නෙමි" , " දෙපා නොලද්දෝ" , " ගන්ධබ්බ ආපදානය"  ,               " අසත්‍ය කතාවක්" , " ප්‍රේමයේ සත්‍ය කතාව" ,    " ගමනක මුල" , " ගම්දොරින් එළියට" , " ඉණිමගේ ඉහළට" , "වංකගිරියක"  , "යළි මඟ වෙත"  , "හුරු රටක දුකට කවියක"  , " ගමනක මැඳ"  , " ගමනක අඟ" හා  2001 දී ප්‍රකාශයට පත් කරන ලද  " රූපාන්තරණය " හා "සෝමදේවගේ සංක්‍රාන්තිය" ගුණදාස අමරසේකරගේ අනෙකුත් නවකතා වේ.

මෙහි දි විශේෂයෙන් මෙරට මධ්‍යම පාන්තිකයන්ගේ සමාජ දේශපාලන හා සංස්කෘතික ගමන්මඟ විමසුමට ලක් කිරිම මොහුගේ ප්‍රයත්නය විය.මෙතුමාගේ ඇතැම් කෘතීන්  විදේශිය භාෂාවට ද පරිවර් තනය වී තිබීම විශේෂිතය.

අමරසේකරයන්ගේ ගමන්මඟ විමසුම පිරික්සීමේ දී කෙටිකතාකරණයට සහ නවකතාකරණයට පමණක් සීමා නොවි නව කවි ආරක ගමන් ගත් පුරෝගාමියකු ලෙසින් සාම්භාව්‍ය කවි බස් වහරත් ජනකවි ආරත් සුසංයෝගි කරගනිමින් සකසා ගත් බස් වහරක් භාවිතා කරමින් තමාටම ආවේණික වූ නිදහස් පද්‍ය සාම්ප්‍රදායක් බිහි කළේ ය. මෙහි දී කවියකු ලෙස බටහිර කවියේ අන්තර් ගතය ඔස්සේ තම කාව්‍ය නිර් මාණයන් ප්‍රබල ලෙස පෝෂණය කලේ ය.  .1955 දී "භාව ගීත" ප්‍රකාශයට පත්කිරිමෙන් අනතුරුව " උයනක හිඳ ලියූ කවි"  "අමල් බිසෝ"   "ගුරුළුවත "  "ආවර් ජණා "  "අසක් දා කව" යන ප්‍රබන්ධයන් ද දායා ද කරන ලදි.මෙහි දී ආවර් ජණා සහ ගුරුළුවත යන කාව්‍ය නිර් මාණ රාජ්‍ය සම්මානයෙන්  පවා පිදුම් ලැබීමට සමත් විය.  1955 වසරේ එළිදැක් වූ භාවගීත පද්‍ය තුළ පැවති නගරයේ පෑයූ දේදුන්න , අඳුර අපේ දුක නිවාවි, වැස්ස බඳු පැදි සිංහල කාව්‍යාවලියේ අනුස්මරණීය සටහන් තබා හමාරය. උයනක හිඳ ලියූ කවි හී එන දිය සිඳුණ මරුකතර පැදිය සිංහල කාව්‍යයට නව්‍ය ආකෘතියක් ගෙන දුන් බවත් මහගමසේකරයන්ගේ ප්‍රබුද්ධ කාව්‍ය පවා එහි ආභාෂය ලැබ ඇති බවත් විචාරකයෝ  පවසති. අමරසේකරයන්ගේ කාව්‍ය සම්ප්‍රදාය පසුකාලීනව ඉදිරියට ගෙන යාමට ප්‍රතිභාව සහිත කවීන් පහළ වූ බව සත්‍යයකි. එරික් ඉලයප්පආරච්චි වැනි නූතන පෙළේ කාව්‍ය රචකයන් ඒ අතරින් කැපී පෙනේ. පේරාදෙණිය නිදහස් කවි සමයෙන් ඇරැඹුණු අමරසේකරයන්ගේ කාව්‍ය චාරිකාව විටෙක ජන කවියේ ද  ඇසුර ලබමින් චිරාගත කාව්‍ය රීතීන් කෙරේ යොමු විය. ඔහුගේ සුවිශේෂි පරීශ්‍රමය වූයේ ද නූතනයට සූනිසි කවි බසක් හෙවත් හද බසක් තනා ගැනීම කෙරෙහි ය.

අමරසේකරයන්ගේ සාහිත්‍ය කලාව දෙස නෙත යොමු කිරිමේ දී කෙටි කතා කලාව බැහැර කල නොහැකි ම ආභරණයකි. මක් නිසා ද යත් සමාජ , ආර් ථික , දේශපාලනික සහ සංස්කෘතික යනා දි              සන්දර් භයන් මෙතුමාගේ කෘතීන් තුල අන්තර් ගත වන බැවිනි. 

Comments

Post a Comment

Do leave your comment

Popular posts from this blog

මාර් ටීන් වික්‍රමසිංහ

ආහාර හිඟය සහ සාගින්න